Posts

සියනෑ ගොවි සංවිධානය

Image
දේශීය බීජ, පාරම්පරික ගොවිතැන සහ වගාකරුවන්ගේ සුබ සාධනය සඳහා වන සියනෑ ගොවි සංවිධානය. දැක්ම. නිරතුරු අලුත් වන මෙම මහ පොළව ශත වර්ෂ දස දහස් ගණනක් පුරා සියලු ජීවීන්ට, ගහ කොළ වලට නිරෝගීව පවතින්නට නිවහනක් විය. එමෙන්ම යලි යලිත් අලුත් වෙමින් එම ශක්තිය තව දුරටත් ශක්තියක්ම බවට පත්ව ඇති අතර සොබාදහම තුල පවතින මෙම ප්‍රතිඋත්පාදක ශක්තිය එලෙසම පවත්වාගෙන යාමට උරදෙන ගොවි ජනතාවක් දැක්ම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. මෙහෙවර මහ පොළව, ජලය, සොබාදහම හා ජීවය රෝගී කරන වස විස සහිත ගොවිතැන සහ කර්මාන්තද තාක්ෂණයද වෙනුවට මහ පොළව, ජලය සහ ගහකොළ සුවපත් කිරීමේ පාරම්පරික විද්‍යාත්මක ඥානය සහිත ජීවකයෝ බිහිකිරීම අපගේ මෙහෙවරයි. එවිට ඔවුන් මානවයින් ඇතුළු සියලුම ජීවීන්ගේ පැවැත්ම රැක ගැනීමේ ප්‍රඥාව යලි ගොඩ නගනු ඇත. ආදර්ශ පාඨය වස විසෙන් තොර බත් පතක් ජීවයෙන් පිරි ගොවි බිමක්.